පෙනහල්ලක කැරපොත්තෙක්


ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වෛද්‍යවරුන් පිරිසක්, රෝගියකුගේ පෙනහල්ලකින් සෙන්ටි මීටර් 4 ක් දිග කැරපොත්තකු ඉවත් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ස්වසන අපහසුතා හේතුවෙන් මෙම 55 හැවිරිදි රෝගියා, කෝචි නුවර අම්රිතා රෝහලට ඇතුළත් කර ඇත්තේ ස්වසන අපහසුතාවක් නිසාය.

රෝගියා පරීක්ෂා කරද්දී, එක් පෙනහල්ලක් තුළට කැරපොත්තකු රිංගා ඇති බව අනාවරණය විය.

ඒ අනුව, වෛද්‍යවරුන් කුඩා සිහින් නළයක් පෙනහල්ලට ඇතුළත් කර කැරපොත්තා ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

රෝගියාට කිසිදු අනතුරක් සිදු නොවුණු බවත්, පසුව ඔහු රෝහලෙන් පිටවී ගිය බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබුණි.