(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 309 ක් බවත් ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
මෙම මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එම සංස්ථාව පැවසීය.
ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දැමූ බවත් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 286 ක් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමූ බවත් භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 188 ක් ද, වන බවත් එම සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 371 ක සහ සුපිරි ඩීසල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 313 ක පවතින බවත් එම සංස්ථාව කීය.