පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක් අද එයි


 

(යොහාන් භාසුර)

පෙට්‍රල් මෙට්‍රික්ටොන්  35,000 ක් රැගත් නෞකාවක් කොළඹට අද (11) රාත්‍රී ළගා වීමට නියමිත බවත් එහි පෙට්‍රල් තොගය හෙට (12) ගොඩබෑමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මෙම පෙට්‍රල් නෞකාවට ඊයේ මුදල් ගෙවූ බව ද අමත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් කීය.