පෙට්‍රල් බෝම්බ 6ක් දවුලගලින් සොයාගැනේ


(මහනුවර විශේෂ චමිල් රූපසිංහ)

“ශ්‍රී ලංකා තවුහීද් ජමාත් “ සංවිධානයට අයත් ස්ථානයකදි දේශීයව නිෂ්පාදනය කළ හිස් බල්බ්වල සකසා ඇති පෙට්‍රල් බෝම්බ බවට සැක කරන නිෂ්පාදන 6 ක් දවුලගල පොලිසිය මගින් අද (27) පස්වරුවේදි කළ මෙහෙයුමකදී සොයා ගැනීමට හැකිවී ඇත.

දවුලගල පොලිසියට ලද තොරතුරක් මත 122/D/04 දවුලගල හන්දෙස්ස  වහුංකොහ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සෝදිසි කිරීමේදී මෙම පෙට්‍රල් බෝම්බ 6 හමුවි ඇති අතර එහි එම කාර්යාලය භාරව සිටි පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට හැකි වි ඇත.

මෙම පෙට්‍රල් බෝම්බ බවට සැක කරන බල්බ තුල යකඩ ඇණ, ඊයම් බෝල වැලි ඇතුළත්ව ගිනි තැබීමට හැකිවන පරිදි තිරයක්ද යොදා තිබූ බව පොලිසිය පැවැසීය.

සැකකාර පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දවුලගල පොලිසිය මගින් දවුලගල ප්‍රදේශය පුරා විශේෂ විමර්ශනයක්ද අරඹා ඇති බව දවුලගල පොලිස් ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර මහතා පැවැසීය.