පූජිතත් රෝහල් ගත වෙයි


හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමට හිටපු පොලිස්පතිවරයා අද (2) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.