පුහුණු ව්‍යාපෘති සහයක තනතුරට බඳවා ගැනීම් නතර කරයි


(රංජන් කස්තුරි)

ජාතික ප්‍රතිපත්ති , ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය මගින් ලබා දී තිබූ පුහුණු ව්‍යාපෘති සහයක තනතුරු 7500 කට පුද්ගලයින් බඳවා ගැනීම මැතිවරණ කොමිසමේ නියෝගයකින් අද (24) නතර කෙරිණි.

රටපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්තකර මෙම පුහුණු ව්‍යාපෘති සහයකවරුන් බඳවා ගෙන තිබූ අතර ඔවුන්ට අමාත්‍යාංශ ලේකම් වී සිවඥානසෝති මහතාගේ අත්සනින් යුතුව ඉකුත් 16 වැනිදා පත්වීම් ලිපි නිකුත් කර තිබිණි.

එම පත්වීම් ලාභීහු අද (24) දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට ගොස් රාජකාරී බාර ගැනීමට සුදානම් වූ අවස්ථාවේ මැතිවරණ කොමිසම නියෝග කර ඇත්තේ ඔවුන් රාජකාරියට බඳවා නොගන්නා ලෙසය.