පුරන් කුඹුරුවල වෙනත් වගාවන් කරන්න අවසර දෙයි


(රංජන් කස්තුරි)

නිශ්චිතව වගාකළ හැකි මට්ටමේ නොපවතින පුරන් කුඹුරුවල වෙනත් වගාවන් කිරීමට මේ මාසයේ සිට අවසර දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව කන්න 10 යක් පුරා වගා කර නැති පුරන් කුඹුරුවලට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයකින් තොරව අතුරු බෝග වගා කිරීමට අවසර තිබේ.

එහෙත් එම පුරන් කුඹුරු පස්පුරවා ගොඩකිරීමට හෝ ඒවායේ රබර් පොල් වැනි ස්ථාවර බෝග වගා කිරීමට අවසර නොලැබෙන බවද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී වීරසේකර මහතා නිකුත් කර ඇති චක්‍රලේඛනයේ සඳහන් වේ.

එම චක්‍රලේඛනයට අනුව එළවළු වර්ග , කංකුං , මුකුණු වැන්න නෙළුම් දඩු , ලංකාවට ආවේනික අලවර්ග , ඉඟුරු , තෘණවර්ග , කෙසෙල් , ගස්ලබු , අන්නාසි , මී මැසි පාලනය , බිම්මල් ,පළතුරු , මිරිදිය මත්ස්‍ය වැනි බෝග වගාකළ හැකිය.