පුපුරන ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 90 ක් රදවා ප්‍රශ්න කරන්න නියෝග


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ දී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා දින 90 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට අද (18) අවසර ලබා දී තිබේ.

මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සොයා අපරාධ පරීක්ෂණ නිලධාරීන් සිදුකළ පරීක්ෂණ වලට සම්බන්ධ තවත් සැකකරුවකු සොයා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සඟවා තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

සිද්ධියෙන් පසුව අදාල සැකකරුවන් සහ පුපුරන ද්‍රව්‍ය තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයට ගෙන තිබූ අතර එම සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් දෑ ඊයේ (17) කොළඹට රැගෙනවිත් තිබේ..

ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුපුරන ද්‍රව්‍ය සඟවා තිබූ ඉඩම අවට වනාතවිල්ලුව පොලිසිය විසින් ආරක්ෂාව යොදවා තිබේ.