පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙකක් සැකපිට


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුඩා ප්‍රමාණයේ ලොරි රථයක යට පැත්තේ රහසිගත කුටියක්  සඟවාගෙන ප්‍රවාහනය කරමින් තිබූ පිපිරවීම් සඳහා යොදා ගන්නා ඩෙටනේටර් සහ අධි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මන්නාරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු විලත්තව පොලිස් මාර්ග බාදක යෙදී   අලුයම්  සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි බිංගිරිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් පොලිස් පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ නියමයෙන්කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහකාර පොලිස් අධිකාරීවරයකු ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් බිංගිරිය ට පැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය පුරවන ලද අඟල් අටක් දිග වට ප්‍රමාණය අඟල් තුනක් වූ ප්ලාස්ටික් පයිප්ප 89ක් සහ වෙඩි බෙහෙත් නූල් විසි එකක්මෙම රහස් කුටිය තුල සඟවා තිබියදී සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.

ඩෙටනේටර්100 බැගින් පෙට්ටි නමයක අසුරා තිබිණි යැයි පොලිසිය සඳහන් කරයි.

කුඩා ලොරි රථයේ පිටුපස කොටසේ යට ගණ තහඩුවකින් ආවරණය කර මෙම රහස් කුටිය ඉතා සූක්ෂම ආකාරයෙන් සකසා තිබුණුබව පොලිසිය කීය.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අයකු ගෙන් මෙම ඩෙටනේටර් තොගය සහ පුපුරන ද්‍රව්‍ය තොගය මිලදී ගන්නා ලදැයි සැකකරුවන් දෙදෙනා ප්‍රකාශ කර සිටි නිසා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

ඇතැම් ධීවරයින්ට මසුන් මැරීමට යොදා ගැනීමට විකිනීමට මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටි බව සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී පැවසීයැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.