පුනරුත්ථාපනය වු හිටපු කොටි සාමාජිකයින්ට පරිගණක පුහුණුවක්


( රොමේෂ් මධුෂංඛ)

ආරක්ෂක අංශ භාරයේ සිට පුනරුත්තාපනය වී නිවෙස් වෙතට ගොස් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද හිටපු කොටි සාමාජික සාමාජිකාවන් පිරිසක්ට පරිගණක් පුහුණු පාඨමාලාවක් හැදෑරීමට යුදහමුදාවෙන් අවස්ථාව ලබා දී ඇත.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතාගේ සංකල්පයක් මත 57 වන සේනංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ අධීක්ෂණයෙන් හිටපු කොටි සාමජාකයින් වෙතට පරිඝනක පුහුණු පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලබා දී තිබුණි.

මේ අනුව විශ්වමඩු සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සේවය කරන හිටපු කොටි සාමාජික සාමාජිකාවන් පිරිසකට පරිගණක පුහුණු පාඨමාලව හැදෑරීමෙන් පසුව 57 වන සේනංකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහතික පත් ප්‍රධානය කිරීම සිදු විය.