(රොමේෂ් මධුෂංඛ)
පුදුකුඩඉරිප්පු මුත්තියන්කඩ්ඩු වැවේ වාන කැඩීයාමෙන් ඇති වු ගංවතුර හේතුවෙන් පවුල් 1414 කට අයත් පුද්ගලයින් 4450 දෙනෙකු අවතැන් වී ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මුත්තියන්කඩ්ඩු වැව කැඩීයාම හේතුවෙන් පවුල් 440 කට අයත් පුද්ගලයින් 724 දෙනෙකු ගංවතුරට කොටු වී සිටි අතර එහිදී මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ උපදෙස් පරිදි 64 වන සේනාංකයේ යුද හමුදා සෙබලුන් විසින් ගංවතුරට කොටුවූ වැසියන් බෝට්ටු වලින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව මුලතිව්හි ආරක්ෂිත කඳවුරු 22 ක පවුල් 1215 කට අයත් පුද්ගලයින් 3656 දෙනෙකු රඳවා ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීමට මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය ඇතුළු යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.
එහිදී වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුත්තියන්කඩ්ඩු, කරවලකණ්ඩාල්, සුදන්දිරපුරම්, භාරතපුරම්, වල්ලවාපුරම් ඇතුළු ප්‍රදේශයන්හි ජනතාවයි.
මේ අනුව මුලතිව්හි ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජනතාව විපතට පත්ව තිබේ.