පුද්ගලයන් 14 දෙනකුගේ මුදල් වංචා කළ සැකකරුවෙක් සොයයි


(ඉන්දිකා  රාමනායක)

නිවාස ඉදිකර දෙන බවට සහ  ණය පහසුකම්   මත නිවාස ඉදිකර දෙන බවට පවසා  අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින්  රුපියල් කෝටි 2 ට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලික ඉදිකිරීමේ සමාගම් හිමිකරුවෙක් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහය පතයි.

මෙම සැකකරුට එරෙහිව පුද්ගලයන්  14 දෙනෙකුගෙන් නුගේගොඩ කොට්ඨායේ මිරිහාන විශේෂ අපරාධ  විමර්ශන  අංශය වෙත    පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි.

 මෙම පැමිණිළිකරුවට  පමණක් සැකකරු රුපියල් 19,2,15,000 ක මුදලක් වංචා කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

පොලීසිය මගහරිමින් සැගව සිටින ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා  සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත්  නුගේගොඩ කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයාගේ 071 – 8591641 දුරකථන අංකයට හෝ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට 011 – 2852556 ල 071 – 8137373 මෙම අංක ඔස්සේ අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මාධ්ය  අංශය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි