පුතා පියා ඝාතනය කරයි


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

අවුරුදු 83 වයසැති පියාට පිහියකින් ඇන ඝාතනය කළේ යැයි කියන 43 පුතා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ මිනුවන්ගොඩ වෑගොව්ව චාමල් මාවතේ පදිංචිව සිටි නිශ්ශංක පතිරණලාගේ ජිනදාස නැමැති සිව් දරු පියෙකි.

මරණ කරුගේ බිරිඳ මිය ගොස් ඇති අතර මිරිස් මෝලක් පවත්වාගෙන යමින් ජීවිකාවගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වසර ගණනාවක සිට කිසියම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින අයකු බව පවුලේ අය පවසන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පියාගේ පිට ප්‍රදේශයට පිහියකින් ඇනීමෙන් පසු ඔහු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී  මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි