(යොහාන් භාසුර සහ රේඛා තරගංනී ෆොන්සේකා)
පුත්තලම, කල්පිටිය කන්දකුලිය මුනේ සිංහල විදුහලේ දරුවන්ගේ වාර්ෂික අධ්‍යාපන චාරිකාවේදී කොළඹ මරදාන දුම්රිය ස්ථනය නැරඹුම් මධ්‍යස්ථානයක් ලෙස තෝරාගෙන තිබුණි.
ඒ අනුව එම විදුහලේ දරුවන් 130 ක් පමණ මරදාන දුම්රිය ස්ථනය ඊයේ නිරීක්‍ෂණය කළහ.
එම විදුහලේ විදුහල්පති ඩබ්ලිව්. යූ. සී. පී. සිල්වා මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ ද මෙම චාරිකාවට එක්ව සිටියහ.
1889 දී දැව භාවිතයෙන් ඉදිකර ආරම්භ කළ මෙම දුම්රිය ස්ථානයේ වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භය සමඟ බැඳුණු විශේෂ කරුණු පිළිබඳව එම දරුවන් දැනුවත් කිරීමට මරදාන දුම්රිය ස්ථාන අධිකාරී කපිල පුෂ්පකුමාර මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මරදාන දුම්රිය ස්ථානාධිපති කසුන් චාමර මහතා කටයුතු කළේය.