පුත්තලම මැලේරියා ඇළෙන් මැගසින් - පතුරොම් හමුවෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
පුත්තලම නගරයේ අපජලය බැහැර කරන මැලේරියා ඇළ තුළ තිබී මැගසින් 3ක් හා පතුරොම් 30ක් අද(25) හමුවී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 
 
මෙසේ හමු වූ මැගසින් සහ පතුරොම් ටී-56 ගිනි අවිවලට යොදන ඒවා බවද පොලිසිය කියයි. 
 
පුත්තලම නගර සභාවේ සේවකයින් විසින් මැලේරියා ඇළේ පිරිසිදු කිරීම්වල නිරතව සිටියදී මෙම මැගසින් සහ පතුරොම් හමුවු බවත් මැයි 4 දින ද මෙම ඇළේ තිබී ටී- 56 ගිනි අවියක් හා තවත් පතොරම් තොගයක් හමුව තිබුණි. 
 
 කිසියම් පුද්ගලයකු හෝ කන්ඩායමක් මෙම ගිනි අවි හා පතුරොම් ඇළට ගෙන දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි. 
 
 පුත්තලම මුලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන අරඹා තිබේ.