පුංචි සභා නාම ලේඛන ගැසට්ටුව අද පිටවෙයි


(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොම්ෂන් සභාව විසින් අද( 31) ප්‍රකාශයට පත් කෙරේ.

එම සභිකයන්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින්  පළාත් පාලන ආයතනවල ධුර කාලය 2025 ජූනි 2 වනදා ආරම්භ විය යුතු බවට නියම කර තිබේ.