පීවීසී බට තුළ සැඟවූ කඩු 2ක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට


(සිතුම් චතුරංග)
 
වවුනියාව පට්ටාන්චූර් ප‍්‍රදේශයේ නිවසක් අසළ පීවීසී බටයක් තුළ ආරක්ෂිතව සඟවා තිබූ කඩු 2ක් සමඟ මාළු ව්‍යාපාරිකයකු අද(30) අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
         
මෙම කඩු දෙක නිවස ඉදිරිපිට තිබූ කසළ කානුවක සඟවා තිබූ බව පොලිසිය පවසයි.
         
වවුනියාව නෙලූක්කුලම පොලිස් මුරපොළේ නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරක් මත කළ සෝදිසියකදී කඩු දෙක හමු වූ බව පොලිසිය කියයි.
         
අඩි තුනක් පමණ දිගින් යුත් මෙම කඩු දින කිහිපයකට පෙර මුවහත් කොට සඟවා තිබූ බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.
         
සැකකරු වවුනියාව පට්ටාන්චූර් ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකි.
 
වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.