පී.සී සහ නාවික සෙබළා බසයකදී 16 දැරියට ලිංගික වද දීලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පෞද්ගලික බස් රථයක ගමන් ගත් 16 හැවිරිදි දැරියකට ලිංගික හිරිහැර සිදු කළේ යැයි කියමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු සහ හිටපු නාවික හමුදා සෙබළකු සැක පිට අත්අඩංගුවට ගත් බව ජා-ඇළ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයා කළුබෝවිල කඳවුරේ රාජකාරි කරන අයෙකි.

අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා සෙබලා මාතලේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකි.

පොලිසිය සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.