පී.සී.ආර් සහ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණවලින් හෙද නිලධාරීන් ඉවත් වෙයි


(අංජුල මහික වීරරත්න)

හෙද සේවයේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබීම නිසා පී.සී.ආර් පරික්ෂණ සහ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා නිදර්ශන ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් සමස්ත හෙද නිලධාරීන් ඉවත් වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

මෙම තීරණය අද පෙරවරුවේ 7.00 සිට ක්‍රියාත්මක බවද රත්නප්‍රිය මහතා කියයි.මෙම තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලිඛිතව දැනුම්වත් කළ බව සඳහන් කළ රත්නප්‍රිය මහතා හෙද සේවය මුහුණ දී සිටින ප්‍රශ්න හතක් සඳහා විසඳුම් නොලැබීම මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට හේතුවක් බව කීය.

මෙම ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ දිගින් දිගටම සාකච්ඡා කළ ද ඊට කිසිදු විසඳුමක් නොලැබීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බව ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.