පිළිකා රෝගීන්ටත් කොරෝනා එන්නත


(ඩයනා උදයංගනී)

මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට කොවිඩ් එන්නත ලබාදීමට සැලසුම් කර ඇතැයි එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.

එයට අවශ්‍ය එන්නත් මාත්‍රා 2000 ක පමණ ලබාදීමට ප්‍රාථමිත සෞඛ්‍ය, බෝ වන රෝග හා කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එකඟ වී ඇතැයි ද අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

රෝහලේ නේවාසික මෙන්ම සායනික ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙම එන්නත ලබාදීමට සැලසුම් කර ඇතැයි ද වෛද්‍ය වසන්ත දිසානායක මහතා කියයි.

වයස අවුරුදු 18 ට වැඩි සහ ලියුකේමියාව වැනි රුධිරගත පිළිකා හැර වෙනත් පිළිකා රෝගවලින් පීඩා විඳින රෝගීන්ට දැඩි වෛද්‍ය අධීක්‍ෂණය යටතේ එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බව ද වෛද්‍යවරයා පවසයි.