(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
මුදල් ආරවුලක් හේතුවෙන් මෝටර් රථයකින් පැමිණි පිරිසක් කළ පහරදීමකින් පානදුර ව්‍යාපාරිකයෙකු උදරයේ කැපුම් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පහරකෑමෙන් රෝහල් ගතකර ඇත්තේ පානදුර, වෑකඩ ප්‍රදේශයේ පදිංචි 53 හැව්රිදි ව්‍යාපාරිකයෙකි.
ලංකාවේ හිටපු ප්‍රභල පාතාල කල්ලි නායකයෙක්ගේ සමීප ඥාතියෙකු පහරදීම සිදුකර ඇති බවට ලැබී ඇති තොරතුරු මත ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

