(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රාජාංගනය නව සිරිගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවකට ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කර පලා ගොස් ඇතැයි තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේරේණුකා දීපානි නැමැති කාන්තාවකි.
මෙම කාන්තාවගේ පපු ප්‍රදේශයේ පිහි ඇනුම් පහරවල් දෙකක් ද එක් අතක පිහි පහරක් ද පෙනෙන්නට ඇතැයිතමුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
බරපතළ තුවාල ලබා අසා දේටත් වේ අසාධ්‍ය තත්ත්වයේ පසු වූ මෙම කාන්තාව රාජාංගනය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය බව මියගිය බව පොලිසිය කියයි.
එම කාන්තාවට පිහියකින් ඇන ඝාතනය කර පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

