පිල්ලෙයාන් තවදුරටත් රිමාන්ඩ්


(ටී. එල්. ජව්ෆර්කාන්)

නැගෙනහිර පළාත්  හිටපු ප්‍රධාන අමාත්‍ය  පිල්ලෙයාන් හෙවත්  සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඔක්තෝබර් 10 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  මඩකලපුව දිස්ත්‍රක්ක මහේස්ත්‍රාත්  මහාධිකරණයේ විනිසුරු  එන්. ශ්‍රීනිතී මහතා නියෝග කළේය.

පසුගිය  2005 වසරේ දෙසැම්බර් 25 වන දින  මඩකලපුව  ශුද්ධ වූ  මරියා  දේවස්ථානයේ නත්තල් දිව්‍ය  පුජාවේ යෙදිමින් සිටි මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් යන අය ඝාතනය කිරීම සම්බන්ධව  පිල්ලෙයාන් මහතා ඇතුළු  සතරදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.  

මෙම නඩුව අද විහාග කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විසින් මෙසේ නියෝග කරන ලදී.