(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී, පියුමි හංසමාලිගේ 15 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
පහර කෑ පුද්ගලයා රෝහල් ගත කර ඇත.
රිය අනතුරක් සිදුකළ බව පවසා තවත් පිරිසක් සමග එක්ව අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම්වලින් මෙම පහරදීම රාජගිරිය කලපලුවාව සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධියට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය වැලිකඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි