පියාගේ-සීයාගේ ආරවුලට මැදිවූ දරුවාට පිහි පහරක්


(ප්‍රියාණි මංගලික)

කොබෙයිගනේ   ,රත්මල්වැටිය , බොරලුවැව , ප්‍රදේශයේ දී පියාගේ සහ  සීයා ගේ  ආරවුලකට  මැදිවූ. දස හැවිරිදි දරුවකු  තියුණුු ආයුධ  ප්‍රහාරයකට  ලක්වීම සම්බන්ධයෙන් සැකකාර පියා  රම්බෝ පිහියක්ද සමග  අත්අඩංගුවට   ගත් බව  පොලීසිය  පවසයි .

පිහි ප්‍රහාරයට  ලක්වූ  දස හැවිරිදි  කුඩා දරුවා  පපුවේ කැපුම්  තුවාලයක් සහිතව ප්‍රතිකාර සඳහා රෝහල්  ගතකර  ඇත.

සැමියා බිරිද සමග ඇති කරගත්  ආරවුලක් දුරදිග යෑමෙන්  ,බිරිඳ  නිවසින්  පිටව ගොස් සිටි අතර ,දස හැවිරිදි දරුවා එම ගමේම පිහිටි තම  පියාගේ  මහ ගෙදරට ගොස් සිටියදී ඊයේ (29) සවස  පියා බීමත්ව පිහියක්ද රැගෙන ඒම නිවසට පැමිණ ඔහුගේ පියා සමඟ ආරවුල් පටන්ගෙන තිබේ.

ඒම ආරවුලින් ,මෙලෙස දස හැවිරිදි  දරුවාට තුවාල සිදු කර   ඇති  බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද පොලීසිය  පවසයි. .

 සිද්ධිය  වන අවස්ථාවේ  දරුවාගේ   සීයා  ,  සැකකාර පියාට පහර දී ඇති අතර   එම පහර  දීමෙන් සැකකාර  පියාගේ හිසෙහි හා සිරුරේ තැනින් තැන වූ තුවාල නිසා ඔහුද පොලිස් අරක්ෂාව යටතේ  රෝහල්ගත කර ඇතයි පොළිසිය කියයි.