(නිශාන්ත කුමාර)
බීමත්ව පැමිණ සිය පියා විසින් එල්ල කරන ලද පිහි පහරකින් බරපතළ තුවාල ලැබූ මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ තරුණියක් අද (17) රාත්‍රී මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
එම පුද්ගලයාගේම පහරකෑමට ලක්වූ ඔහුගේ බිරිඳද බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල බලගොල්ල 18 කනුව ප්‍රදේශයේ පදිංචි වයස 18 හැවිරිදි තරුණියක් සහ 55 හැවිරිදි කාන්තාවකි.
මෙම පුද්ගලයා විසින් ඔහුගේ බිරිඳට පහරදී පිහියකින් කෙටීමට සූදානම් වූ අවස්ථාවේ එය වැළැක්වීමට ගිය මෙම තරුණියගේ මුඛ ප්‍රදේශයට මෙම පිහි පහර එල්ලවී ඇති අතර ඉන් ඇයගේ මුඛය ප්‍රදේශයට බරපතල කැපුම් තුවාල සිදුව ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ මව සහ දියණිය සුවසැරිය ගිලන් රථයක් මගින් මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දියණිය සය ඇයගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත මාරු කර යවා තිබේ.
සැකකාර පියා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව කන්දකැටිය පොලිසිය පැවසීය.

