පියල් මනම්පේරි යළි බන්ධනාගාරයට


 

( චන්ද්‍රසේන ගමගේ)

මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සෑදීම සඳහා භාවිතා කරනු ලබන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ළඟ  තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව  බන්ධනාගාර ගතව සිටින  පියල් මනම්පේරි හා චරිත් මදුශංක ලබන 22  දින දක්වා නැවත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු මල්ශා කොඩිතුවක්කු මෙනෙවිය අද නියෝග කරනු ලැබුවාය.

අද දිනයේදී මෙම සැකකරුවන් දෙදෙනා වලස් මුල්ල අධිකරණයට රැගෙන  පැමිණියේ නැති අතර  සැකකරුවන් බන්ධනාගාරයේ සිටියදී නඩුව  කැඳවනු ලැබීය.