පිපිරීමකින් අඹු සැමි යුවළ රෝහලේ


( රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ  කුණු ගොඩක් ගිනි තැබීම්ට යෑමේ දී සිදු වූ හදිසි පුපුරා යෑමකින් තුවාල ලැබුවා අඹුසැමි යුවළක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගල්කිස්ස පොලිසිය පවසයි.

 තුවාල ලැබූ අඹු-සැමි සැමි යුවළගේ දියණිය විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පැවසීය.

 අදාල පැමිණිලිකාරිය ගේ මව සහ පියා විසින් සිය නිවෙස අසල කුණුගොඩ වලක් හාරා පිළිස්සීමකට ලක් කොට ඇති අතර එහිදී විශාල පිපුරුමක් සිදුවී ඇති බව පොලිසිය පැවසීය.

 මේ වන විට එහි විමර්ශන ආරම්භ කොට ඇති අතර හෙළි වූ කරුණු වල්ට අනුව පුපුරා ගොස් ඇත්තේ ඩප්පියක් බව පොලිසිය සැක පල කරයි.

 පිපුරුමෙන් කාන්තාවගේ ඉන සහ දෑත් ප්‍රදේශ්යට තුවාල සිදුව ඇති අතර පිරිමි පාර්ශවයේ දෙපා වලට තුවාල සිදුවී ඇතැයි පොලීසිය පැවසී ය.