පිටකොටුවේ පිටි තොග අවසන් අදියරේ


(මහින්ද නිශ්ශංක)

තමන් සතුව ආනයන තිරිඟු පිටි තිබෙන්නේ දින කීපයකට බව පිටකොටුව පිටි ආනයනයකරුවෝ පවසති.

තිරිඟු පිටි ආනයනය ඉකුත් 16දා සිට ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් සම්පුර්ණයෙන්ම තහනම් කළ බවත් පවසන එම ආනයනකරුවන් ආනයන කළ තිරිඟු පිටි තොග අවසන් වෙමින් තිබෙන නිසා පිටි ආනයනය කිරීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි කියයි.

තිරිඟු පිටි ආනයනය නතර කිරීම, මෙරට තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් දෙක මගින් රටතුළ පිටි ඒකාධිකාරයක් ඇති කිරීමක් බවත් පෙන්වා දෙන ඔවුන් මේ නිසා ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි වන බවද කියා සිටී.

තුර්කියෙන් ආනයන කළ මෙම තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 180 ක් වූ අතර මෙරට සමාගම් දෙකේ තොග මිල රුපියල් 200 කි.