(සුජිත් හේවාජුලිගේ)
සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සඟවා තිබූ පෑලියගොඩ ප්‍රදේශයේ සීනි ගබඩාවකට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08) මුද්‍රා තැබූවේය.
මෙසේ මුද්‍රා තබා ඇත්තේ පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ පිහිටි සීනි ගබඩාවකටය.
එම ආයතනය ලියාපදිංචි කර තිබුණත් සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටීම නිසා ඊට මුද්‍රා දැමූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මෙම ගබඩාවේ සඟවා තිබූ සීනි තොග ස.තො.ස ආයතනයට ලබාදීමට පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවැසීය.

