(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණයට බාධා කරමින් ඊට සහාය නොදුන් රාජ්‍ය ආයතන සහ ඒවායේ නිලධාරීන්ට එරෙහිව ගෙන ඇති පියවර කුමක්දැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂනස් සභාවෙන් විමසීමක් කර තිබේ.
මේ වන විට එම රාජ්‍ය ආයතන සහ නිලධාරින්ට එරෙහිව යම් පියවරක් ගෙන නැත්නම් ඉදිරියේදී ඔවුනට එරෙහිව ගන්නා පියවර කුමක්දැයි දැනුම් දෙන ලෙසද පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යමමින් ඉල්ලීමක් කර ඇත.

