පැහැරගත් ගිනි අවිය කැකිරාවෙන් හමුවෙයි


(ප‍්‍රදීප් කුමාර) 
 
වව්නියාව බෝගස් වැව යුද හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි සෙබළකුගේ ගෙල කපා තුවාල කර පැහැර ගත් ගිනි අවිය කැකිරාව ප‍්‍රදේශයෙන් අද(25) සොයාගත් බව පොලිසිය කියයි.
 
මෙම ගිනි අවිය හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකු සතුව තිබී හමු වූ බව පොලිසිය සඳහන් කරයි
 
හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටි සෙබළාට නා ඳුනන පිරිසක් පහර දී, ඔහුගේ ගෙල කපා අද ගිනි අවිය පැහැරගෙන ගොස් තිබිණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව හා පොලීසිය කළ පරීක්ෂණවලට අනුව ගිනි අවිය සොයාගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

(ඡායාරූප - කුෂාන් ජයවර්ධන)

ගිනි අවිය සඟවා තිබූ, කැකිරාව හෝරාපොල මංසන්ධිය ආසන්නයේ ඇති ගබඩා සංකීර්ණයක අතහැර දැමූ ගොඩනැගිල්ල