පැයක විදුලි කප්පාදුව තව විනාඩි 20ක් දිගුවෙයි


 

(යොහාන් භාසුර)
විදුලි ජනනයට ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැතිවීම නිසා හෙට සහ අනිද්දා (15 සහ 16) දෙදින පැයයි විනාඩි 20 ක් විදුලි කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බව විදුලිබල මණ්ඩලය කීය.