පැය 5 කදී ලෝ පුරා රෝගීහු 6170 ක් සුවය ලබා පිටව යති


චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් සහ නෞකා දෙකක් හරහා පැතිර ගොස් තිබේ. අද (3 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00 වන විට එයින් ලෝක පුරා සිදුවූ මරණ සංඛ්‍යා 245,000 ඉක්මවා තිබිණ.

කෙසේ වෙතත් මේ දක්වා කොරෝනා ආසාධිතයෝ 1,132,646 දෙනෙක් සුවය ලබා සිටිති. අද පස්වරු 3.00 සහ පස්වරු 8.00 අතර ගතවූ පැය 5 ක කාලය තුළදී කොරෝනා රෝගීන් 533 දෙනකු මියගියද ලෝ පුරා ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 6170 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගියහ.

කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් වූ රටවල් අතර ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයේ පසුවුවද ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තාවූයේ මරණ 7 ක් පමණි.