තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක
ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද තෙවැනි දිනටත් පැය නවයකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
උදෑසන 10.00ට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි ඒ මහතාගෙන් රාත්‍රී 7 පමණ වන තෙක් ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
යළිත් වරක් ඒ මහතා හෙට උදෑසන 9.00ට රහස් පොලිසියට කැඳවනු ලැබ ඇත.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතාගෙන් පැය 28කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම විමර්ශනය පවත්වයි.
මෙම විමර්ශන යන අතරතුරු චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට ද පොලිසිය කටයුතු කළේය.