පැය 24 ක සෝදිසි මෙහෙයුම්වලින් සැකකරුවන් 20ක් අල්ලයි


(ඉන්දිකා රාමනායක)

දිවයින පුරා ගත වු පැය 24 තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් සැකකරුවන් 20 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල හා වැල්ලවත්ත යන ප්‍රදේශවලිනි.