පැමිණිල්ලක් විභාග කරද්දී පැමිණිලිකරු මරුට


(සුමිත් පොතුපිටිය )

කළුතර දකුණ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරමින් සිටීයදී පැමිණිලිකරු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ කළුතර දකුණ , සෙනවිරත්න පෙදෙසේ පදිංචිව සිටී ගජනායක මුදලිගේ නාලක තුෂාර නමැති පුද්ගලයකු බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා කළුතර දකුණ පොලිසියේ  ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක්  කර ඇති අතර , පොලිසිය එය විභාග කරමින් සිටියදී  හදිසියේ සිහිසුන්ව ඇතැයි පොලිසිය පවසයි .

1990 සුව සැරියෙන් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇති අතර ,රෝහල් ගතකිරීමේදී මියගොස් ඇතැයි සදහන්  වේ.

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.