(යොහාන් භාසුර)
රජය හෙට (13) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුලල් ප්‍රධාන කාර්යාලය සහ සෙසු ප්‍රාදේශීය කාර්යාල හෙට සාමාන්‍ය පරිදි විවෘත කරන බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
අත්‍යවශ්‍ය සේවා බාධවකින් තොරව පවත්වාගෙන යන ලෙස රජය දී ඇති උපදෙස් අනුව මෙම තීරණයට එළඹි බව පියුමි බණ්ඩාර මහත්මිය වැඩි දුරටත් කීවාය.