(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් එම ප්‍රහාරය සිදුවී වසර දෙකක් සම්පූර්ණ වන ලබන අප්‍රේල් 21 වැනිදා වන විට දැකගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
අප්‍රේල් 21 වැනිදාට පෙර සාධාරණයක් වනු ඇතැයි අපේක්‍ෂා කරන බවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ද ප්‍රකාශ කර තිබූ බව කී ඇමතිවරයා එය යථාර්තයක් කිරීම අසීරු නැති බවත්, කාටත් දැකගත හැකි පැහැදිලි ප්‍රගතියක් ඒ වන විට අපේක්‍ෂා කරන බවත් සඳහන් කළේය.
ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටගත යුතු පියවර කවරේද? කොයි ආකාරයෙන්ද? ආදී වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රජයේ අදාළ ආයතනය වෙත නිශ්චිත දින වකවානු සහිතව පැහැදිලි නියෝග දී තිබෙන බව කී ඇමතිවරයා එම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන ඒ අනුව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද කියයි.
අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හිදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

