පාස්කු දා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකර ඉතාලියේ දී දේව මෙහෙයක්


(ඔගස්ටින් ප්‍රනාන්දු)             

පාස්කු දින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මරණයට පත්වූවන් හා තුවාල ලැබූවන් වෙනුවෙන් ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකීකයන් පහන් දල්වා ශෝකය පල කිරිමේ දේව මෙහෙයක් පැවැත්විණි.

ඉතාලියේ මිලානෝ නුවර ශාන්ත නිකෝලෝ දේවස්ථානයේ දී දොන් ජෝසෙප්පේ පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පවත්වන ලදී.

එම අවස්ථාවට එහි නගරාධිපති අන්ද්‍රෙයා ආ බෙරෙන්ති මහතා සමඟ ඉතාලි  ජාතිකයින් හා ශ්‍රී ලංකා පුරවැසියන් විශාල පිරිසක් එක් වූ බව මෙම වැඩ සටහන සංවිධානය කළ එමිල් රෝහන් මහතා පැවැසීය.