(කාංචන කුමාර ආරියදාස)
පාසල් සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම් සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ලග්ගල පොලිසිය කියයි.
ජාතික ළමා රක්ෂණ අධිකාරියට ලද තොරතුරක් මත පොලිසියට ලබා දුන් විස්තර අනුව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී .බී .ඒ .රණවීර මහතා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක ගයානි බණ්ඩාර ඇතුළු පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කොට තිබේ.
දැරිය මේ වන විට දඹුල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා ලග්ගල ගලේ්යාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සිට 39 දක්වා වයස් වල අයවලුන් බවත් එයින් වැඩි දෙනා විවාහකයන් බව පොලීසිය කියයි.
දැරිය ගෙන් ලබා ගත් ප්‍රකාශ අනුව තවත් පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව තොරතුරු හෙළිවී පොලිස් කණ්ඩායමක් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පිටත් කර යැව්වද ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
ලග්ගල ප්‍රදේශ ඉතා දිළිඳු පවුලක ජීවත් වන මෙම බාල වයස්කාර දැරිවියකට මිත්තණියගේ බාරකාරත්වයේ හැදී වැඩී තිබෙන බව පොලිසියට වාර්තා වී ඇතැයි පොලිසිය කියයි.
මෙම දැරියගේ දුප්පත්කම සහ සමාජ දැනුවත්වීම නොමැතිකම නිසාම කිසිදු අයගේ නිසි අවධානයක් යොමු වී නැති බවද ප්‍රදේශවාසීහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී .බී. ඒ. රණවීර මහතා ළමා හා කාන්තා කාර් කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා ගයානි බණ්ඩාර යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

