(රංජිත් රාජපක්ෂ)
හැටන් පොලිස් වසමට අයත් යුන්ෆිල්ඩ් වතුයායේ පහළ කොටසේ පදිංචිව සිටි පාසල් සිසුවකුට තියුණු ආයුධයකින් පහරදී වම් අත කපා වෙන් කළ සැකකරුවකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පාසල් සිසුවා සහ සැකකරු අතර පෞද්ගලික ආරවුලක් සම්බන්ධයෙන් ඇති වුවේ යැයි කියන බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු සැකකරු පාසල් සිසුවාට පහර දී සිසුවාගේ වම් අත කපා වෙන් කර ඇති තිබේ.
සැකකරු සහ තුවාල ලැබු සිසුවා එකම නිවාස පේළියක පදිංචිකරුවෝ වෙති.
බරපතල ලෙස තුවාල ලැබු සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදේණිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.
තුවාල ලද සිසුවා හැටන් කොටගල ප්‍රදේශයේ ප්‍රධාන දෙමළ පාසලක උසස් පෙළ විෂය හදාරන 18 හැවිරිදි සිසුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.




