(නාලක සංජීව දහනායක)
‘කිරෙන් සපිරි දැයක්’ යන තේමාව යටතේ පාසල් සිසුන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී හෙට (23) ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්‍ෂ හතරකට දිනකට දියර කිරි මිලි ලීටර් 150ක් ලබාදීමට නියමිතය. මේ සඳහා රජය වසරකට රුපියල් මිලියන දහසක මුදලක් වෙන්කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප‍්‍රමිතිගත දියර කිරි පැකට්ටුවක් ලබාදීමට නියමිතය.
වසර 2025 වනවිට මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට, ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට, කිරිපිටි ආනයනය කිරීම වෙනුවෙන් රජය වසරකට වියදම් කරනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 380ක මුදල අවම කිරීමට, මේ වනවිට පාසල් ළමුන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය මැඩ පැවැත්වීමට, දියර කිරි පරිභෝජනය සඳහා මෙරට ජනතාව හුරු කරවීමට සහ රට තුළ දියර කිරි නිෂ්පාදනය ප‍්‍රචලිත කිරීමට මෙම වැඩසටහනින් අපේක්‍ෂා කෙරේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යංශයේ හා පශු සම්පත් අමාත්‍යංශයේ සහයෝගය මත ජනාධිපති ලේකම් කාර්යාලය හා ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරයි.

