
(සුජිත් හේවාජුලිගේ )
පාසල් ළමයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
පාසල් සිසුන්ගේ ප්‍රතිශක්තිය සඳහා එක් මාත්‍රාවක් ප්‍රමාණවත් බවද හෙතෙම සඳහන් කළේය.
වයස අවුරුදු 18ත් 19ත් අතර පාසල් ළමයින් එන්නත් කිරීම ඔක්තෝම්බර් 21 වැනිදා සිට ආරම්භ කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) රැස්වුණු කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කළේය.
ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා කෝටි තුනකට වැඩි සංඛ්‍යාවක් දැනට ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය

