පාසල් ප්‍රේමය දුරදිග යයි:සිසුන් දෙකකට පිහි පහර


(මහේෂ් කිර්තිරත්න)

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් දෙනකු පිහි පහරකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කළ බව මාතලේ පොලිසිය කියයි. 

පිහියෙන් ඇන්න බව කියන පාසල් සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිසුන් දෙදෙනාගේ බෙල්ලට සහ හිස ප්‍රදේශයට පිහි ඇනුමින් තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

පාසල් සිසුවියකගේ ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුවි ඇති බව මුලික පොලිස් පරික්ෂවලදි අනාවරණය වි තිබේ.

සැකකාර පාසල් සිසුවා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.