පාසල් දරුවෙකු අපහරණය කළැයි රුසියානු ජාතිකයෙක් රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල)

හත් හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවෙක් නිත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද රුසියානු ජාතිකයෙකු 28 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (21) නියෝග කළාය.

මෙම සිසුවා තවත් මිතුරන් දෙදෙනෙකු සමග නිවස ඉදිරිපිට පාර අයිනේ බයිසිකල් පදිමින් සිටියදි සැකකරු පැමිණ එම බයිසිකලයේම නංවාගෙන ගොස් ඇත.

පසුව සිසුවාගේ මව සහ අසල්වාසින් සොයා බලනවිට මුහුදු වෙරළේ සිසුවා හඩමින් සිටියදි සොයාගෙන තිබේ.අනතුරුව විදේශිකයාද සමග ඔහු පොලිසියට බාරදි ඇත.