(සුජිත් හේවාජුලිගේ )
දිවයින පුරා පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා එන්නත් ලබාදීම හෙට සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි .
එන්නත් ලබාදීම හෙට සිට ආරම්භ කිරීමෙන් පසු එම වැඩපිළිවෙළ සති දෙකක පමණ කාලයක් දිගටම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව දෙලක්ෂ හැත්ත නම දහස් විස්සකි.
මෙයට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට සහ සේවකයන්ටද කොරෝනා මර්දන එන්නත් ලබාදීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතය.
එම ආයතන තුනේ නිලධාරී සහ සේවක සංඛ්‍යාව දෙදහසකට ආසන්නය.

