( දිල්රුක්ෂි ග්‍රේරු )
පාසල් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මත්පැන් සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව (ගුරුවරුන් , මව්පියන්, ආදී සිසුන් , වත්මන් සිසුන් ) සතු තොරතුරු පොලිසියට දැනුම් දීම සදහා විශේෂ හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.
ක්‍රියාත්මකවන පරිදි ලබන 20 වැනිදා සිට 0777- 128 128 දරණ මෙම දුරකතන අංකය ක්‍රියාත්මක බව පොලීසිය කියයි.
මෙම දුරකතන අංකය සම්බන්ධයෙන් පාසල් බලධාරීන් හා ප්‍රාදේශීය පොලීසිය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණි.
බස්නාහිර පළාතේ පාසල්හි දරුවන් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රජා මූලික වැඩසටහනක් මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පොලිසිය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතයි .
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්විණි





