පාසල් ආරම්භ වීම කල් යයි


(නිමල කොඩිතුවක්කු)

රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් ආරම්භ කිරීම නැවත කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන 25 වනදා නැවත පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති   අර්බුදකාරී තත්ත්වය සලකා මෙම තීරණය ගත් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන  අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් යොමුකර ඇති අතර,  ඒ අනුව සියලු පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමට තීරණය කර ඇත. 

අනිද්දා (21) දිනේ සිට රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් ආරම්භ කරන බව රජය මෙයට පෙර නිවේදනය කරනු ලැබීය.