පාසල් ආරම්භ කිරීම ගැන තවම තීරණයක් නෑ


(සුජිත් හේවාජුලිගේ )

විශ්ව විද්‍යාල ,පාසල් සහ උපකාරක පන්ති නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

විශ්ව විද්‍යාල පාසල් සහ උපකාරක පන්ති ආරම්භ කිරීමට පෙර ඒවායේ ගුරුවරුන්ට එන්නත් ලබාදීම වැදගත් බවත් විශ්වවිද්‍යාල ගුරුවරුන්ට එන්නත් ලබාදීම දැනටමත් අරඹා ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය .